පින් කුසල් සිත් ඇති ඔබ සැමට කෙරෙන බැතිබර ආරාධනාවයි !

Civara-Puja Robenspende
ලංකාවේ මෙන් විශාල සංඝයා ප්‍රමාණයක් සමඟ ලොකු කඨින පින්කමක් කිරීමට අපිට නොහැකි වුවත් අපිට හැකි අයුරින් කඨින පින්කම සිහිකර ඒ වෙනුවෙන් Freising බෝධිවිහාර වාසි තිට්ඨධම්මෝ හිමියන්ට චීවර පූජාවක් කිරීමට මෙම නොවැම්බර් මස 29 වන සෙනසුරාදා (සවස 16 සිට 18 දක්වා)අපි සූදානම් වෙන්නෙමු .මෙම චීවරය උන්වහන්සේගේ කැමැත්ත අනුව වර්ණය , උන්වහන්සේගේ උසට මහතට ගැලපෙන සේ ඒ මිමි අනුව ජර්මනියේ සීතල දේශගුණයට ගැළපෙන සේ ඉතාම උසස් තත්ත්වයෙන් ලංකාවෙන් පිළියෙල කරගෙන පැමිණියෙමු .

මෙම මහඟු කුසල කර්මය අපි කරන්නේ ජර්මනියේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් ,ඔවුන්ගේ නෑදෑයන් , ඔවුන් නමින් මියගිය සියලුම දෙනාද සිහිපත් කරමින් මෙන්ම අප ශ්‍රී ලංකාවද නියෝජනය කරමින්ය.

ඔබට හැකි අයුරින් අන් අයටද මෙම මහඟු අවස්ථාව ගැන දන්වා එදිනට පැමිණෙන ලෙස ආරාධනා කරන්න. එමෙන්ම ඔබට හැකි අයුරින් සහභාගි වෙන්න . මෙය කියවන පැමිණෙන සියලුම දෙනා මෙම පින්කම කුසල් සිතින් අනුමෝදන් කරගනිත්වා ….
එදින වැඩසටහන කෙටියෙන් මෙසේය……
16.00-16.15 Fischergasse11 තිසරණ පන්සිල්
16.15 -16.20 මල් , පහන් , හඳුන්කූරැ,බුද්ධ පූජා පෙරහැර වෙනුවෙන් පිළියෙල කිරීම
16.25-16.35 Fischergasse11 සිට පෙරහැර …….බෝධි විහාරයේ සමාධි බුදු පිළිමය දක්වා
16.35-16.45 සමාධි පිළිමය අභියස චීවර අධිෂ්ඨාන පූජාව
16.55-17.15 නැවත Fischergasse 11 ට පැමිණීම හා චීවර පූජාව
17.15-17.20 කරණීය මෙත්ත සුත්‍ර සජ්ජායනා කිරීම
17.25-18.00 බන
18.00 කෙටි ආහාර සමඟ තේ පැන් දන්සැල හා නිමාව ………..